2017 අයවැය සකස් කිරීමේදී ව්‍යාපාරික, ධීවර සහ ගොවි ජනතාවගේ අදහස් හා යෝජනා භාරගැනීම මෙන්ම ඊට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා එළැඹෙන 24 වැනිදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, එළැඹෙන 24 වැනිදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ව්‍යාපාරික, ධීවර සහ ගොවි ජනතාව සමග මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙහිදී නව බදු ක්‍රියාවලිය පිළිබඳ අමාත්‍යවරයා විසින් කරුණු දක්වනු ඇති බවත්, මෙම සාකච්ඡාව සඳහා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද සහභාගී වීමට නියමිත බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
එමෙන්ම, මෙම සංචාරයේදී මුදල් අමාත්‍යවරයා සේරුවාවිල සහ මාවිල් ආරු යන ප්රදේශවලද නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට නියමිතය.