නුවරඑළිය නව වාණිජ මණ්ඩලය නුවරඑළිය සමුපකාර නිවාඩු නිකේතනයේ දී ආරම්භ කෙරිණි. ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් දිරිගන්වා අපනයන ක්ෂේත්රයට ඔවුන් යොමුකරවීම අරමුණු කර ගෙන බිහිවූ මෙහි ප්‍රථම සභාපතිවරයා වශයෙන් ඩග්ලස් නානායක්කාර මහතා තේරී පත් විය. මෙහි ලේකම් වශයෙන් එම්. එස්. හුසේන් හා භාණ්ඩාගාරික වශයෙන් එම්.ඉර්ෂාඩ් යන මහත්වරු තේරී පත් වූහ.
මෙහිදී අදහස් දැක්වූ සභාපති ඩග්ලස් නානායක්කාර මහතා පවසා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් සවිබල ගන්වා ඔවුන් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් වෙළඳ පොළට යොමු කරවීම නුවරඑළිය නව වාණිජ මණ්ඩලය ආරම්භ කිරීමේ ප්‍රධාන පරමාර්ථය බවයි.
මධ්‍යම පළාත් වාණිජ මණ්ඩලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි අශෝක අබේවික්‍රම, නීතිඥ හා සමාගම් ලේකම් ප්‍රියන්ත රණසිංහ, නුවරඑළිය කුඩා ව්‍යාපාර සංවර්ධන සහකාර අධ්යක්ෂ පී. ජී.එන්. බණ්ඩාර යන මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ.

