නව නැණසල මධ්‍යස්ථාන 3ක් ස්ථාපිත කෙරෙයි
කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් සහිත පවුල්වල තරුණ තරුණියන්ගේ සහ පාසල් දරු දැරියන්ගේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා නව නැණසල මධ්‍යස්ථාන තුනක් ස්ථාපිත කර තිබේ.
ෙකොළඹ කොම්පඤවීදිය, කැටවලමුල්ල සහ මාලිගාවත්ත යන ප්‍රදේශවලදී මෙම නැණසල මධ්‍යස්ථාන විවෘත කළ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම් සිදුවිය.
ජාති, ආගම්, පක්ෂ, දුප්පත්, පොහොසත් කිසිදු බේදයකින් තොරව තොරතුරු සන්නිවේදන තාක්ෂණ පහසුකම් සියලු ජනතාව වෙත ලබාදීම වත්මන් රජයේ අපේක්ෂාව බව මෙම විවෘත කිරීමේ අවස්ථාවන්ට එක්වූ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නැණසල දහස සංකල්පය යටතේ මේ වන විට දිවයින පුරා ස්ථාපිත කර තිබෙන නැණසල මධ්‍යස්ථාන ගණන 756 කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
