ඩොලරයේ ඉහළම විකුණුම් මිල අද දිනයේත් වාර්තා වේ
- 1 04 2021
- 15:08
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙමින්, ශ්‍රී ලංකාවේ මූල්‍ය ඉතිහාසය තුළ ඩොලරයක ඉහළම විකුණුම් මිල අද (01දා) වාර්තා විය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.202.10ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල ඊයේ (31දා) වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.202.04ක් වශයෙනි.
මේ අතර මහ බැංකුව නිකුත් කළ දත්ත සටහනට අනුව අද දිනයේදී ඩොලරයේ ගැනුම් මිල 197.00ක් ලෙස වාර්තා විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
