කොළඹ වරාය දකුණු ආසියාවේ සමුද්‍රීය දොරටුවක් බවට පත්කළ Sea Consortium සහ X-Press Feeders
ඉන්දියානු සාගරයේ වඩාත් වැදගත් ආර්ථික මර්මස්ථානයක කේන්ද්‍රගත වූ ශ්‍රී ලංකාව, ඈත අතීතයේ සිටම නැගෙනහිර සහ බටහිර අතර වෙළෙඳ සම්බන්ධතා ගොඩනැගූ සුවිශේෂී දූපතක් විය. අරාබි වෙළෙන්ඳන්, යුරෝපීය දේශගවේෂකයන් සහ ආසියානු වෙළෙඳ නාවිකයන් සියලු දෙනාම මේ දූපත භාවිත කළේ සමුද්‍රීය ගමන් මාර්ගයක් මධ්‍යයේ වූ විවේකී ස්ථානයක් ලෙසය. එහෙත් නවීන ලෝකයේ, ශ්‍රී ලංකාවට විශේෂ ගෞරවයක් හිමිවූයේ කොළඹ වරාය හරහාය.
අද කොළඹ වරාය දකුණු ආසියාවේ ප්‍රධානතම ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ලෝක සමුද්‍රීය කර්මාන්තයේ පිළිගැනීමට ලක්ව තිබේ. ලොව විශාලතම බහාලුම් නෞකා නිරන්තරයෙන් පැමිණෙන කොළඹ වරාය, ආසියාව, යුරෝපය, මැද පෙරදිග සහ අප්‍රිකාව එකිනෙක බැඳ තබන වැදගත් ගෝලීය සම්බන්ධකයක් බවට පත්ව ඇත.
නමුත් මෙම තත්ත්වය කොළඹ වරායට නිරායාසයෙන් හිමිවූ දෙයක් නොවේ. එය දශක ගණනාවක් පුරා සිදු වූ සැලසුම්ගත සංවර්ධනයක, දූරදර්ශී සමුද්‍රීය දැක්මක සහ කලාපීය සම්බන්ධතා ජාල ගොඩනැගීමේ ප්‍රතිඵලයක් බව කිව යුතුය. එම ගමනේ වැදගත්ම නාමයක් වන්නේ 'සී කොන්සෝටියම්' (Sea Consortium) සහ එහි ලෝකප්‍රකට සන්නාමය වන 'එක්ස්-ප්‍රස් ෆීඩර්ස්' (X-Press Feeders) ය.
ඒ අසමසම සන්නාමය පිළිබඳ විචිත්‍රවත් වූ ජීවමාන විවරණයක්, එම සමාගමේ වත්මන් සභාපති ටිම් හාර්ට්නොල් විසින් සම-රචිත 'ෆීඩර් ෆීවර්' (Feeder Fever) සමරු කෘතියෙන් ගෙනහැර දක්වා ඇත. ක්‍රිස්ටෝපර් හාර්ට්නොල් විසින් ආරම්භ කරන ලද පවුලේ ව්‍යාපාරයක් ලොව විශාලතම ස්වාධීන ෆීඩර් නැව් සේවා සමාගමක් දක්වා වර්ධනය වූ ආකාරය එම කෘතියෙහි සවිස්තරාත්මකව විවරණය කර ඇත.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට මෙම කතාවේ වැදගත්කම පවතින්නේ හුදෙක් නැව් සමාගමක ව්‍යාපාරික සාර්ථකත්වයේ කතාවකින් ඔබ්බට, කොළඹ වරාය දකුණු ආසියාවේ සමුද්‍රීය හදවතක් බවට පත්කරමින්, එය කොළඹ වරායේ සමගාමී වර්ධනය සමගද අත්වැල් බැඳගෙන තිබූ නිසාය. පසුගිය දශක හතරක කාලය තුළ, කොළඹ වරාය කලාපීය නාවික කටයුතුවල නැවතුම් වරායක සිට දකුණු ආසියාවේ ප්‍රමුඛතම ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වීම දක්වා වූ ඒ පසුබිම් කතාව සිත්ගන්නා සුලුය. Sea Consortium විසින් සංවර්ධනය කළ ෆීඩර් ජාල එම පරිවර්තනයේ මූලික බලවේගය විය. ඒවා විසින් කොළඹ වරාය, ඉන්දියානු උපමහාද්වීපය, බංග්ලාදේශය, අරාබි ගල්ෆ් කලාපය සහ පසුව ගෝලීය බහාලුම් ජාලය සමග සම්බන්ධ කරනු ලැබීය.
එවැනි බොහෝ අර්ථවලින් බලන විට Sea Consortium පිළිබඳ කතාව සහ කොළඹ වරාය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත්වූ කතාව එකිනෙකින් වෙන් කළ නොහැකි අවියෝජනීය සිද්ධි දාමයක් බව පැහැදිලිය.
බහාලුම්කරණය සහ කේන්ද්‍රස්ථානයක උපත
කොළඹ වරාය කේන්ද්‍රස්ථානයක් ලෙස මතු වූ ආකාරය තේරුම් ගැනීමට, ගෝලීය නැව් කර්මාන්තය සම්පූර්ණයෙන්ම වෙනස් කළ විප්ලවයක් වෙත නැවත හැරී බැලිය යුතුය. ඒ බහාලුම්කරණයයි. 20 වැනි සියවසේ දෙවැනි භාගයේදී ලෝක සමුද්‍රීය කර්මාන්තය මුළුමනින්ම වෙනස් කළ විශාලතම විප්ලවය එයයි. බහාලුම්කරණයට පෙර සමුද්‍රීය වෙළඳාම බොහෝ දුරට 'Break-bulk cargo' ක්‍රමය මත පදනම් වී තිබිණි. එනම්, භාණ්ඩ ප්‍රවාහනය සිදුකළේ තනි තනි භාණ්ඩ වශයෙනි. මෙම ක්‍රමය තොග බඩු ප්‍රවාහනය ලෙස හැඳින්විය හැකිය. මෙහිදී, භාණ්ඩ නැවකට පටවීම, නැවෙන් ගොඩබෑම, නැවත ගබඩා කිරීම යනාදී කටයුතු ඉතා මන්දගාමී වූ අතර, වියදම්ද අධික මෙන්ම, අකාර්යක්ෂමතාවයට හේතු විය.
එහෙත් ප්‍රමිතිගත වානේ බහාලුම් හඳුන්වා දීමත් සමග මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය. කර්මාන්තශාලාවක ඇසුරුම් කරන ලද භාණ්ඩ, නැවත ඇසුරුම් කිරීමකින් තොරව එම බහාලුම තුළම ට්‍රක් රථයකින් දුම්රියටත්, දුම්රියෙන් නැවකටත්, නැවෙන් වෙනත් රටක වරායකටත් බාධාවකින් තොරව ප්‍රවාහනය කළ හැකි විය. මෙය කාලය, වියදම සහ ශ්‍රමය විශාල වශයෙන් අඩු කළේය. බහාලුම්කරණය කාර්යක්ෂමතාව වැඩි කළා පමණක් නොව, ගෝලීය වෙළෙඳාම මූලික වශයෙන් ප්‍රතිව්‍යුහගත කරනු ලැබීය. නිෂ්පාදන මධ්‍යස්ථාන සහ ලෝක වෙළෙඳපොළ එකිනෙකට සම්බන්ධ කළ ඒකාබද්ධ සැපයුම් දාම එමගින් බිහි විය. බහාලුම්කරණය හුදෙක් ප්‍රවාහන ක්‍රමයක් නොවී, එය ලෝක ආර්ථිකය නැවත ගොඩනැගූ විප්ලවයක් ලෙස හඳුන්වන්නේ ඒ නිසාය.
මේ වකවානුව වනවිට ආසියාවේ නිෂ්පාදන මධ්‍යස්ථාන යුරෝපීය හා ඇමෙරිකානු වෙළෙඳපොළ සමග වේගයෙන් සම්බන්ධ වෙමින් තිබිණි. ලොව විශාල ප්‍රධාන නාවික සමාගම් ආසියාව, යුරෝපය සහ උතුරු ඇමරිකාව අතර දිගුදුර ගමන් ආරම්භ කළද, ඒවාට සෑම කුඩා වරායකටම ආර්ථික වශයෙන් ගමන් කිරීම ප්‍රායෝගික නොවීය. එම අවශ්‍යතාව සපුරාලනු ලැබුවේ ෆීඩර් සේවාය. එමගින් කුඩා කලාපීය වරායන් ප්‍රධාන මධ්‍යස්ථාන වරායන් සමග සම්බන්ධ කරමින්, ඒවා ගෝලීය සමුද්‍රීය ජාලයේ සම්බන්ධක බවට පත් විය. මෙම 'Hub-and-Spoke' ආකෘතිය තුළ කොළඹ වරාය තම උපායමාර්ගික අවස්ථාව සොයාගනු ලැබීය.
කපිතාන් ක්‍රිස්ටෝපර් හාර්ට්නොල්ගේ දැක්ම
Sea Consortium හි නැගී සිටීමේ මූලික නිර්මාතෘවරයා වූයේ 'ද කැප්ටන්' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ කපිතාන් ක්‍රිස්ටෝපර් අමියාස් හාර්ට්නොල්ය. ඔහුගේ සමුද්‍රීය ජීවිතය කුඩා වියේදීම ආරම්භ වූවකි. වයස අවුරුදු 16 දී මුහුදට පිවිසි ඔහු, වයස අවුරුදු 27 වනවිට Master Mariner බලපත්‍රය ලබාගත්තේය. පසුව සිංගප්පූරු වරාය අධිකාරිය (PSA) සහ ආසියානු ලයිනර් සේවාවල සේවය කරමින් විශාල අත්දැකීම් අත්පත් කරගත්තේය.
ඔහුගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් උදා වූයේ සිංගප්පූරුවේ American President Lines (APL) සමග සේවය කරන සමයේදීය. වරායේ මුදා හරින ලද මුල් ISO බහාලුම්වලින් එකක් හසුරුවන අතරතුර, බහාලුම් නැව්ගත කිරීමේ අනාගත බලය ඔහු හඳුනා ගත්තේය. එහිදී, ඔහු දුටුවේ වානේ පෙට්ටියක් පමණක් නොව, අනාගත ගෝලීය වෙළෙඳාමේ නව ව්‍යුහයයි. 1972 දී ඔහු සිංගප්පූරුවේ Sea Consortium ආරම්භ කළේ එම දැක්ම මතය. මුලදී බහාලුම් කුලියට දීම, නැව් නියෝජිත සේවා සහ යාත්‍රා කුලියට දීම සිදු කළද, සැබෑ අවස්ථාව වැඩි කලක් නොගොස් ෆීඩර් නැව් සේවා තුළින් ඉස්මතු විය.
ඇමෙරිකානු APL සමග ඉදිරි ගමන
කපිතාන් හාර්ට්නොල් American President Lines (APL) සමාගම වෙනුවෙන් කොළඹ හරහා ෆීඩර් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගත් විට, එම සේවාව දේශීයව කළමනාකරණය කළේ APL හි නියෝජිතයා වූ Ceylon Shipping Lines විසිනි. එහි සේවය කළ සහකාර කළමනාකරුවෙකු වූ අර්ජුන හෙට්ටිආරච්චි පසුව මෙම ෆීඩර් ජාලයේ සංවර්ධනය සමග සමීපව සම්බන්ධ විය. මෙම ගමනේ ශ්‍රී ලංකා නාමයක් ලෙස ඉතා වැදගත් චරිතයක් වන්නේ අර්ජුන හෙට්ටිආරච්චිය.
පසුව ඔහු Delmege Forsyth & Co. වෙත එක්වූ අතර, APL නියෝජිතත්වය එම සමාගමට මාරු කළ පසු, ව්‍යාප්ත වෙමින් තිබූ ෆීඩර් සේවා කළමනාකරණය කිරීමේ ප්‍රධාන භූමිකාවක් භාරගත්තේය. 1980 සහ 1990 දශකවලදී කොළඹ හරහා Sea Consortium ජාලය වේගයෙන් වර්ධනය විය. මෙහෙයුම්වල පරිමාණය සහ සංකීර්ණත්වය දස ගුණයකින් වැඩි විය. ඒ සමග සමාගම ප්‍රධාන කේන්ද්‍රීය වරායන්හි විශේෂ නියෝජිතයන් පත් කිරීමේ උපාය මාර්ගයක් අනුගමනය කළේය.
1993 දී හාර්ට්නොල් පවුලේ සහ Sea Consortium නායකත්වයේ විශ්වාසය මත, ශ්‍රී ලංකා සමාගමේ කටයුතු නියෝජනය කිරීම සඳහා Sea Consortium Lanka (Pvt) Ltd ආරම්භ කිරීමට අර්ජුන හෙට්ටිආරච්චිට ආරාධනා ලැබිණි. මෙම සමාගම මුලින් ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළද, පසුව එය සම්පූර්ණයෙන්ම ස්වාධීන දේශීය සමාගමක් බවට පත්විය. අද දක්වාම ඔහු එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටී.
කොළඹ කේන්ද්‍රස්ථානයේ හදවත
1980 දශකයේ මුල් භාගයේදී American President Lines (APL) සමාගම සිය කලාපීය නැව් ජාලය ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කරනු ලැබීය. එතෙක් උතුරු ආසියාව සහ මැද පෙරදිග සම්බන්ධ කළ එම සේවාවට එක් ගමනකදී වරාය 12ක් දක්වා ඇතුළත් විය. එය කාලසටහන් ප්‍රමාද, තදබද සහ අකාර්යක්ෂමතාව ඇති කර තිබිණි.
කරාචි, මුම්බායි, කොචින්, මදුරාසි, කොල්කටා සහ චිතගොං වැනි වරායන්හි මෙහෙයුම් කාර්යක්ෂමතාව අසමාන විය. ඒ නිසා APL ප්‍රධාන වරායන් කිහිපයකට පමණක් අවධානය යොමු කිරීමට තීරණය කළේය. මෙහිදී කපිතාන් හාර්ට්නොල් දුටු අවස්ථාව වූයේ, කුඩා වරායන් ප්‍රධාන මාර්ග ජාලයට සම්බන්ධ කරන ෆීඩර් ජාලයක් නිර්මාණය කිරීමය. එහි ප්‍රතිඵලයක් ලෙස West Asia Container Line (WAKL) බිහි විය. මෙම නව ජාලයේ මධ්‍යස්ථානය ලෙස කොළඹ ස්ථානගත කෙරිණි.
ඒ සමගම ශ්‍රී ලංකා වරාය අධිකාරිය Queen Elizabeth තටාකාංගණය බහාලුම් පර්යන්තයක් බවට පරිවර්තනය කිරීම ආරම්භ කර තිබිණි. එය කොළඹ වරාය බහාලුම් නැව්කරණයේ අද්විතීය යුගයට පිවිසීම සඳහා වූ මූලික පියවරක් විය. WAKL සේවාව ආරම්භ වී වසර දෙකක් ඇතුළත කොළඹ වරාය, කරාචි, මුම්බායි, බංග්ලාදේශය සහ කොචින් සමග සම්බන්ධ විය. එමෙන්ම ඩුබායි සහ ගල්ෆ් කලාපය වෙතද සම්බන්ධතා පුළුල් විය. 1983 වනවිට මෙම සේවාව මුහුදු ගමන්වාර 41ක් සම්පූර්ණ කර, වරාය ඇමතුම් 370කට අධික ප්‍රමාණයක් සිදු කර, බහාලුම් (TEU) 26,000ක් පමණ ප්‍රවාහනය කර තිබිණි. මෙම විශ්වසනීයත්වය තුළ කොළඹ වරාය, කලාපීය ජාලයේ විශ්වාසදායක කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනු ලැබීය.
භූදේශපාලනය සහ කොළඹ ප්රමුඛ වීම
1980 දශකයේ මැද භාගයේ ඉරාන-ඉරාක යුද්ධය මැදපෙරදිග සමුද්‍රීය වෙළෙඳාමට දැඩි බලපෑමක් ඇති කළේය. පර්සියානු ගල්ෆ් කලාපය තුළ නැව් ගමනාගමනයේ අවදානම වැඩි වීම නිසා APL සිය ප්‍රධාන නැව් UAE හි ෆුජයිරා දක්වා පමණක් ගෙන ගියේය. එතැන් සිට Sea Consortium ෆීඩර් යාත්‍රා ෆුජයිරා, කොළඹ සහ අනෙකුත් කලාපීය වරායන් අතර භාණ්ඩ ප්‍රවාහනය කළේය. පසුව ගැටුම් තවත් උත්සන්න වීමත් සමග ප්‍රධාන නැව් සෘජුවම කොළඹ වෙත හැරවීමට පටන් ගත්තේය. එය කලාපීය බහාලුම් ජාලය තුළ කොළඹ වරාය, දකුණු ආසියාවේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්වීමට බලපාන ලද විශාල හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය.
1984 දී Bengal Xpress Container Line (BXCL) ආරම්භ කිරීමත් සමග කොළඹ, කොල්කටා, මදුරාසි සහ බංග්ලාදේශය සමග සම්බන්ධ විය. එය බෙංගාල බොක්ක කලාපයේ මුල් පොදු-භාවිත ෆීඩර් නැව් සේවාවන්ගෙන් එකක් විය. පසුව චිතගොං ඇතුළු තවත් වරායන්ද මෙම ජාලයට එක්විය. මේ වනවිට කොළඹ වරාය හුදෙක් භාණ්ඩ පැමිණෙන ස්ථානයක් නොව, ඒවා නැවත බෙදාහැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබිණි.
1985 දී ජර්මානු DSR සමාගම යුරෝපය, අරාබි ගල්ෆ් සහ ඉන්දියානු උපමහාද්වීපය සම්බන්ධ කරන සේවාවක් ආරම්භ කළේය. එහි ප්‍රධාන කේන්ද්‍රස්ථාන දෙක වූයේ ඩුබායි සහ කොළඹය. එය කොළඹ වරායට ලැබුණු විශාල ජාත්‍යන්තර පිළිගැනීමක් විය.
මෙම අවස්ථාවේදී ගෝලීය නාවික ක්ෂේත්රයේ නව සත්‍යයක්ද ඉස්මතු විය. ඒ ලෝක නාවික කර්මාන්තය තුළ 'කේන්ද්‍රස්ථාන වරාය' යන්න භූගෝලීය පිහිටීමට පමණක් සීමා නොවන බවත්, සම්බන්ධතා ජාලය, විශ්වාසදායක සේවාව සහ නියමිත කාලසටහන් පවත්වා ගැනීමද ඒ සඳහා අත්‍යවශ්‍ය බවත්ය. කොළඹ එම තත්ත්වය සාර්ථකව අත්කර ගෙන තිබිණි.
පසුබෑමකින් පරිවර්තනයක් වෙත
1988 දී Sea Consortium විශාල අභියෝගයකට මුහුණ දුන්නේය. ඒ එහි ප්‍රධාන සේවාදායකයා වූ APL තමන්ගේම ෆීඩර් සේවාවක් ආරම්භ කිරීමට තීරණය කිරීමය. මෙය Sea Consortium වෙත දැඩි පහරක් විය. එවකට සමාගමේ භාණ්ඩ ප්‍රවාහන පරිමාවේ 80%ක් පමණ APL වෙතින් ලැබීම ඊට හේතු විය. බොහෝ දෙනා සිතුවේ මෙය Sea Consortium හි අවසානය වනු ඇති බවය. එහෙත් ටිම් හාර්ට්නොල් පසුබැස නොගියේය. තනි සේවාදායකයෙකු මත රඳා නොසිට, සමාගම බහුවිධ ප්‍රධාන නැව් සමාගම් සඳහා සේවය කරන ස්වාධීන ෆීඩර් ක්‍රියාකරුවෙකු ලෙස නැවත ස්ථානගත විය. Sea-Land, Merzario සහ DSR වැනි සමාගම් සමග නව හවුල්කාරිත්ව බිහි විය.
1989 දී Sea Consortium සිය ෆීඩර් මෙහෙයුම් 'X-Press Container Lines' වෙළෙඳ නාමයෙන් ඒකාබද්ධ කරනු ලැබීය. එය අද ලෝකයක් හඳුනන X-Press Feeders ජාලයේ ආරම්භය විය.
වෙනස් වර්ධන උපායමාර්ගයක්
1991, 1992 සහ 1993 යන වසර තුන පුරා කොළඹ වරාය හරහා වැඩිම බහාලුම් සංඛ්‍යාවක් හසුරුවන සමාගම ලෙස Sea Consortium පිළිගැනීමට ලක් විය. අද ලෝකයේ බොහෝ නැව් සමාගම් ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම් මත වර්ධනය වුවත්, Sea Consortium වෙනස් මාර්ගයක් තෝරාගනු ලැබීය.
Sea Consortium ජාල මිලදී ගැනීම වෙනුවට, ඒවා ක්‍රමයෙන් ගොඩනඟා ගත්තේය. වරාය සබඳතා ශක්තිමත් කරමින්, මෙහෙයුම් විශ්වසනීයත්වය වර්ධනයේ පදනම බවට පත්කරනු ලැබීය. දිගුකාලීන සම්බන්ධතා ගොඩනගා ගත්තේය. එම ප්‍රතිපත්ති හේතුවෙන් සමාගම පසුව මධ්‍යධරණී කලාපය, උතුරු යුරෝපය සහ ඇමෙරිකානු කලාප දක්වාද ව්‍යාප්ත විය. එහෙත් එහි ආසියානු ජාලයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස කොළඹ තවදුරටත් පැවතීම විශ්මිතය.
කොළඹ අහස යට උරුමය
අද දවසේත් X-Press Feeders හි සාර්ථකත්වය ෆීඩර් නැව් සේවාවල උපායමාර්ගික වැදගත්කමට ජීවමාන සාක්ෂියකි. ශ්‍රී ලංකාව සඳහා මෙම කතාවට තවත් ගැඹුරු අර්ථයක් ඇත. ෆීඩර් සම්බන්ධතා ජාලවල වර්ධනය කොළඹ වරාය ඉන්දියන් සාගරයේ ප්‍රමුඛතම සමුද්‍රීය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට මූලික වශයෙන් දායක විය. එනම්, Sea Consortium සහ X-Press Feeders පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට භූගෝලීය වාසිය පමණක් නොව, එය නිවැරදිව භාවිත කිරීමේ හැකියාවද ඇති බවය.
දකුණු ආසියානු වරායන් ගෝලීය වෙළෙඳ මාර්ග සමග සම්බන්ධ කළ විශ්වාසදායක ෆීඩර් ජාල නොමැති වූයේ නම්, කොළඹ වරායට වර්තමානයේ උරුමව ඇති තත්ත්වය කිසිදා හිමි නොවන්නටද ඉඩ තිබිණි. Sea Consortium හි වර්ධනය සහ කොළඹ කේන්ද්‍රස්ථානයක් ලෙස නැගී සිටීම, එකම සමුද්‍රීය පරිණාමයක අවියෝජනීය සිද්ධීන් දෙකක් වන්නේ ඒ නිසාය.
කොළඹ වරාය අද දකුණු ආසියාවේ ප්‍රධාන සමුද්‍රීය දොරටුවක් ලෙස පවතින්නේද, එම දිගුකාලීන දැක්ම, සම්බන්ධතා ජාල සහ සමුද්‍රීය කැපවීම නිසාය. ඉදිරි වසරවලදී ලෝක වෙළෙඳාම තවත් වෙනස් වනු ඇත. නව තාක්ෂණය, නව වෙළෙඳ මාර්ග සහ නව ආර්ථික බලවේග මතුවනු ඇත. එහෙත් ෆීඩර් ජාල සහ ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථාන අතර සම්බන්ධතාවය තවදුරටත් ලෝක සමුද්‍රීය පද්ධතියේ හදවත ලෙස පවතිනු ඇත.
අද දක්වාම X-Press Feeders අඛණ්ඩව දශක තුනක් කොළඹ වරායේ විශාලතම බහාලුම් ෆීඩර් ක්‍රියාකරු ලෙස පවතින්නේ එහි කැපවීම, ස්ථාවරභාවය සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ පැහැදිලි සාක්ෂියක් කොළඹ අහස යට සපථ කරමින්ය. එම ගමනේදී, කොළඹ වරාය සහ X-Press Feeders අතර ඇති මෙම සමුද්‍රීය හවුල්කාරිත්වය, ශ්‍රී ලංකාවේ අනාගත සමුද්‍රීය ඉතිහාසයේද අත්‍යවශ්‍ය කොටසක් වනු නොඅනුමානය.
ලේඛකයා ගැන
නෙල්සන් සෙක්වෙයිරා යනු ආසියා පැසිෆික් කලාපය, ඉන්දියානු උපමහාද්වීපය, මැද පෙරදිග, මධ්‍යධරණී කලාපය, උතුරු අප්‍රිකාව සහ යුරෝපය පුරා බහාලුම් නාවික ක්ෂේත්රයේ වසර 33කට අධික පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ වෘත්තිකයෙකි.
ඔහු ශ්‍රී ලංකාව සහ කොළඹ වරාය සමග දිගුකාලීන සබඳතාවයක් පවත්වාගෙන යමින්, කොළඹ ෆීඩර් ජාල සංවර්ධනය කිරීමේ සක්‍රීය භූමිකාවක් ඉටු කර ඇත. දැනට ඔහු X-Press Feeders හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු ලෙස, උතුරු යුරෝපය / Scan-Baltic ව්‍යාපාර ඒකකයේ ප්‍රධානියා ලෙස සේවය කරයි.
ඡායාරූපවලින්, Feeder Fever කෘතියේ කවරය, X-Press Feeders හි වත්මන් සභාපති ටිම් හාර්ට්නෝල්, නෙල්සන් සෙක්වෙයිරා සහ කොළඹ වරාය ලෝකයට සම්බන්ධ කරන X-Press Feeders දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

