කොමර්ෂල් බැංකුව මෙරට හොඳම ඩිජිටල් බැංකුව ලෙස සම්මාන ලබයි
ශ්රී ලංකාවේ ප්රමුඛතම ඩිජිටල් බැංකුකරණ නව්යෝත්පාදකයා ලෙස සිය ස්ථානය නැවත තහවුරු කර ගනිමින්, කොමර්ෂල් බැංකුව 2026 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන තුනකින් පිදුම් ලබා තිබේ.
සිංගප්පූරුවේ රැෆල්ස් හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙලේ දී බැංකුව ශ්රී ලංකාවේ හොඳම පාරිභෝගික ඩිජිටල් බැංකුව, හොඳම ජංගම බැංකුකරණ යෙදුම, සහ වඩාත් ම නව්ය ඩිජිටල් බැංකුව යන සම්මාන දිනා ගත්තේය.
ලොව පුරා මූල්ය ආයතන අතර ඩිජිටල් බැංකුකරණ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන මෙම සම්මාන උළෙලේ දී, නිරන්තරයෙන් නවීකරණය වන තාක්ෂණය කේන්ද්ර කරගත් අංශයක ප්රමුඛ පෙලේ ජාත්යන්තර සමාගම් සමඟ කරට කර තරඟ කිරීමට කොමර්ෂල් බැංකුවට අවස්ථාව හිමි විය.
මෙම සම්මාන උළෙල සඳහා කොමර්ෂල් බැංකුව නියෝජනය කරමින් බැංකුවේ ප්රධාන ඩිජිටල් නිළධාරී රන්දිල් බොතේජු මහතා, ඩිජිටල් බැංකු ඒකකයේ කළමනාකරු රාමේන්ද්ර නෝනිස් මහතා, සමඟින් ජ්යෙෂ්ඨ ඉංජිනේරු කළමනාකාර නදීකා නාගහවත්ත මහත්මිය යන අය සහභාගී වූහ.
බැංකුවේ ඩිජිටල් බැංකු ඒකකය සහ තොරතුරු තාක්ෂණ පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් මෙහෙයවනු ලබන, ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් වූ බැංකුවේ දීර්ඝකාලීන ආයෝජනයන්, පාරිභෝගික කේන්ද්රීය තාක්ෂණය, සහ උසස් මට්ටමේ පර්යේෂණ හා සංවර්ධන වැඩපිළිවෙල යනාදිය ග්ලෝබල් ෆයිනෑන්ස් හි මෙම සම්මානය මගින් පිළිගැනීමට ලක්විය.
බැංකුවට ලැබුනු මෙම පිළිගැනීම මගින් ශ්රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ හැකියාවන් ජාත්යන්තර වේදිකාවේ ඉහළ තලයකට ගෙන යයි. එම සම්මාන උළෙලේදී සිංගප්පූරුවේ DBS බැංකුව ලොව හොඳම ඩිජිටල් බැංකුව ලෙස නම් කරන ලදී. එමගින් මෙම සම්මාන සඳහා සලකා බලන ගෝලීය ආයතන පරාසය හා එහි ගුණාත්මකභාවය මනාව පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

