“සරුසාර කිතුලයි - තිරසාර රටයි” තේමා කරගනිමින් කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මග එළිදැක්වේ.
දිවයින පුරා දිස්ත්‍රික්ක 13ක ගෘහස්ථ කර්මාන්තයක් ලෙස කිතුල් ආශ්රිත නිෂ්පාදන සිදු කෙරේ. කිතුල් මැදීමේ සිට අලෙවිය දක්වා වූ කර්තව්‍යයේ දී කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු මග හැර ජාත්‍යන්තර වෙළෙඳපොළ දක්වා කිතුල් ආශ්රිත නිෂ්පාදන රැගෙන යාම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂාව විය. එය අරමුණු කරගනිමින් 2021 වසරේ මාර්තු 17 වන දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් කිතුල් සංවර්ධන මණ්ඩලය පිහිටුවනු ලැබීය.
එහි ඓතිහාසික ප්‍රවේශයක් ලෙස “කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මග” ගාල්ල, අක්මීමන හියාරේ ජලාශය අසලදී අද (17දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී කිතුල් පැණි නිෂ්පාදනය සඳහා “ශ්‍රී ලංකා ප්‍රමිත” හඳුන්වා දෙමින් “ප්‍රමිත සහතිකය” ජනපති වෙත භාරදුන් අතර වැවිලි කර්මාන්ත පුහුණු ආයතනය වෙතින් කිතුල් මල් මැදීම පිළිබඳ පුහුණුව ලැබූ තිදෙනෙකුට සහතික පත් සහ කර්මාන්තකරුවන් පස් දෙනෙකුට සංකේතාත්මකව තාක්ෂණික උපකරණ ප්රදානය ජනපති අතින් සිදු කෙරිණි.
කිතුල් මැදීම, පැණි නිෂ්පාදනය, කිතුල් ආශ්රිත ආහාර, කිතුල් වලින් නිෂ්පාදිත විසිතුරු භාණ්ඩ සහ කර්මාන්ත සඳහා භාවිතා කරන මෙවලම් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
මහා සංඝරත්නය, අමාත්‍ය රමේෂ් පතිරණ, ආණ්ඩුකාර විලී ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ, ඉසුරු දොඩංගොඩ, අරුන්දික ප්‍රනාන්දු, අනූප පැස්කුවෙල් යන මහත්ම මහත්මීහු, ප්‍රාදේශීය දේශපාලනඥයෝ සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



