“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර තොටළඟ සිරිමාවේ බණ්ඩාරනායක මාවත, බස් නැවතුම්පොළ අසලදී පෙරවරුවේ ආරම්භ කෙරිණි.
ඒ අනුව තොටළඟ කොළඹ මහ නගර සභාවට අයත් භූමියෙහි පැළ රෝපණය කරමින් එය ආරක්ෂණීය නාගරික වන වගා භූමියක් ලෙස සංවර්ධනය කර ඇත.
පාරිසරික වටිනාකමකින් යුත් මෙම පැළ ආරක්ෂා කර රැකබලා ගැනීමේ කැපකරුවන් ලෙස මාදම්පිටිය ශ්‍රී සංඝබෝධී මහා විද්‍යාලයේ පාසල් සිසු සිසුවියන් වෙත වගකීම් පැවරීම මෙහි විශේෂත්වයකි.
එම අවස්ථාව සනිටුහන් කරමින් පාසල් සිසු සිසුවියන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්රදානය කිරීමද සිදු කෙරිණි.
සීමාසහිත කැපටල් මහාරාජ සමූහ ව්‍යාපාරයට අයත් එස්-ලෝන් ලංකා පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන “තුරු කැපකරු” වැඩසටහන සහ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ඒකාබද්ධ වෙමින් ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීම යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව
ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය සිදු කෙරේ.