’’සෙල්ෆි’’ගැනීමට ගොස් දුම්රියෙන් වැටේ
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න අතර 31 බිංගෙය ආසන්නයේදී අද (03දා) විදේශ යුවලක් දුම්රියෙන් ඇද වැටී බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.
මෙම යුවල කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් ගමන් ගනිමින් සිටියදී අංක 31 බිංගය අසල දී මුලින්ම තරුණිය ඇද වැටී ඇති අතර තරුණයා ද ඇය බේරා ගැනීමට ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් බිමට පැන ඇති බවටද පොලිසියට තොරතුරු හෙළි වී තිබේ.ප්රංශ ජාතික තරුණ යුවළක් මෙසේ තුවාල ලබා ඇති බවද පොලිසිය කියයි.
දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල ලබා සිටි යුවළ එම දුම්රියෙන්ම හපුතලේට රැගෙනවිත් 1990 ගිලන් රථ සේවයෙන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
දුම්රියේ දොරේ එල්ලී තරුණිය සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යන විට ඉන් ඇද වැටී ඇති බව ද ඇය බේරා ගැනීම සඳහා තරුණයාද බිමට පැන ඇති බව ද පොලීසිය පැවසීය.
හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
හල්දුම්මුල්ල එස් පී නානාක්කාර



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

