’’සමගි සහන අරමුදල’’ මගින් මුව ආවරණ 10,000ක පරිත්‍යාගයක්
සමගි ජනබලවේගයේ මැතිවරණ අපේක්ෂකයින්ගේ අරමුදල් පරිත්‍යාගයෙන් යුක්තව ගොඩනැගුනු 'සමගි සහන අරමුදල' මගින් සිදු කරනු ලබන සමාජ සත්කාර වැඩසටහනේ පළමුවැන්න ලෙස අද (5) මුව ආවරණ 10,000ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දී තිබේ.
අදාල මුව ආවරණ තොගය ලබා දුන්නේ කොරෝනා උවදුර තුරන් කිරීමට අතිමහත් මෙහෙවරක් ඉටු කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රයෝජනය සඳහා බව සමගි ජනබලවේගය සඳහන් කරයි.
අදාල මුව ආවරණ තොගය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීමේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර,හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ,හිටපු මන්ත්‍රී එස්.එම් මරික්කාර් ඇතුලු පිරිසක් සහභාගී වී ඇත.

popular news
-
Devinda Uduwara Sunday, 05 April 2020 07:44 PM
POHOTTUWA has no such a program. Basil has already undertaken it utilizing govt funds.
Reply : 0 0
Chandrarathna Monday, 06 April 2020 04:22 AM
ඉතා හොද වැඩක්. නමුත් මේවා ප්‍රමාණවත් ලෙස ජීවානුහරණය කර ඇති දැයි පරීක්ෂා කරනවා නම් සුදුසයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

