" මම මැරෙනව මේකට කවුරුවත් වග කියන්න ඕනි නෑ. මගේ මරණ පරීක්ෂණයේදී කියන්න මට අයිඩින්ටියක් නෑ කියල . ඔයාල හැමෝම මට සමාවෙන්න " යනුවෙන් ලිපියක් ලියා තබා වයස අවුරුදු දහසයක බාල වයස්කාර දැරියක් මහරගම දුම්රිය ස්ථානය අසලදී දුම්රියට පැන දිවි හානි කරගෙන ඇතැයි මහරගම පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුව ප්රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි සුමේධා සදමාලී නමැති (16) හැවිරිදි දැරියක බව පොලිසිය කියයි .
මෙම දියණිය තම මව සහ බාල නැගනිය සමග තිස්සමහාරාමයේ සිට කොළඹට පැමිණ තාවකාලික නිවසක මෙසේ වාසය කරමින් නිවසක සේවයේ නිරතව සිටියදී මෙසේ ඩ්ගිවි හානි කරගෙන ඇතැයි පැවසේ .
ඒ අනුව ඉකුත් (13) දා රාත්රී 7.40 පමණ මෙම දැරිය මහරගම දුම්රිය ස්ථානය අසලට ගොස් කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ අවසන් පෙට්ටියට පැන අනතුරක් සිදුකරගෙන තිබුණි .
අනතුරින් මුහුණට හා සිරුරට බරපතල හානි සිදුව මහරගම දුම්රිය ස්ථානය අසල බිම වැටී සිටියදී පදිකයකු ඒ බව දැක පොලීසියට දන්වා තිබේ.
ඒ අනුව පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මහරගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු ඩග්ලස් රූපසිරි මහතා පමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙසට පොලීසියට නියෝග කළේය .
ඒ අනුව මෘතදේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය අනතුර සම්බන්ධ දුම්රියේ රිඋඅදුරු කැදවා ප්රකාශයක් සටහන් කොට ගෙන (14) දා සිදු කිරීමට නියමිතය .
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චේලක රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (56124) ශාන්ත නිළධාරීහු පරීක්ෂණ පවත්වති .