ලැබෙන මූල්‍යමය ප්‍රතිපාදන අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් නොයොදන ලෙසත්, මහවැලි ගඟෙන් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලායන ජලය විධිමත් තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ වඩිග වැව, මීගස්වැව, පතොක් වැව ඇතුලුව මෙවැනි වූ ජලය නොමැති වැව්,අමුණු වෙත මහවැලි ගඟේ ජලය රැගෙන විත් ජලයෙන් ස්වයංපෝෂිත කිරීමට පියවර ගන්නා ලෙසත්, වසරේ දින 365 පුරාවට වාන් දමමින් තිබෙන "ජනරංජන" වැවේ ජලය විධිමත් ලෙස ප්‍රයෝජනයට ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති "මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන -MWSIP, දේශගුණික අව බලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන් ප්‍රවේශ ව්‍යාපෘතිය - CResMPA, ඒකාබද්ද ජලාධාර සහ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය - IWWRMP, දේශගුණික විපර්යාශයන්ට අනුහුරුවීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය - CRIWMP" යන ව්‍යාපෘති වලට අදාල ප්‍රගති සමාලෝචන සාකච්චාවක් අද දින (10/04) වාර්මාර්ග අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහිදී මූලික වශයෙන් මෙම ව්‍යාපෘතීන් හි වර්තමාන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළ අතර, එහිදී ව්‍යාපෘති භාර නිලධාරීන් ඒ ඒ ව්‍යාපෘති මගින් මේවන විට ඉටුකරනු ලබන කාර්යයන් හා මූල්‍යමය ප්‍රතිපාදන ඇතුලු කරුණු විග්රහ කරන ලදී.
එල්ලංගා වැව් පද්ධති ප්‍රතිසංස්කරණ කටයුතු, ගංවතුර පාලනයට ගෙන ඇති පියවර, කෘෂිකාර්මික සහ සත්ව පාලන කටයුතු සඳහා මෙම ව්‍යාපෘති හරහා ජනතාවට සලසන සේවාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, එකම කාර්ය වෙනුවෙන් ව්‍යාපෘති කිහිපයකින් මුදල් වෙන්කිරීම් සිදුවනවාදැයි විමර්ෂණය කලයුතු බවත්, කෘෂිකාර්මික හා සත්ව පාලන කටයුතු වෙනුවෙන් 50% දායකත්වය මත හෝ එකම කණ්ඩායමක්, පිරිසක් හෝ පුද්ගලයන් වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීම් සිදු නොකර, තරුණ පිරිස් ඇතුලු අලුත් පරම්පරාවන් ව්‍යවසායකයන් ලෙස නගා සිටුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත්, කුකුලු පැටව් ලබාදීම වැනි වැඩි ඵලදායීතාවයක් නොමැති කාර්යයන් නොකිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
තවද, සංචාරක හා වාණිජ කෘෂිකාර්මික ක්ෂේත්රයේ නියැලෙන්නන් විසින් වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අමාත්‍යවරයා වෙතින් නිරන්තරයෙන් ඉල්ලීම් කරන බැවින් ඒ පිළිබඳවත්, වැවක් ඉදිකිරීම ඇතුලු එහි සංස්කෘතිකමය පැතිකඩ විදහා දැක්වෙන ආකර්ෂණීය කෙටි වීඩියෝ වැඩසටහනක් නිර්මාණය කර ප්‍රචාරය කිරීම තුලින් දේශීය හා විදේශීය වශයෙන් ඒ සඳහා උනන්දුවක් දක්වන්නන් ආකර්ෂණය කර ගතහැකි බැව් අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදි.
ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද, ශ්‍රී දළඳා වහන්සේට හා ශ්‍රී මහා බෝධීන් වහන්සේට යල, මහ දෙකන්නයේ වාර්ෂිකව සිදුකරනු ලබන අලුත් සහල් මංගල්‍ය පූජාවන් ආයතන වශයෙන් වෙන් වෙන්ව නොව වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ තිබෙන සියලු ආයතන එකම දිනයක් තුල විධිමත් සංවිධානයකින් යුක්තව පැවැත්වීමට පියවර ගන්නා ලෙස වැඩිදුරටත් අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදී.
