’’අපි එනතුරු ගෙදර ඉන්න’’ වැඩසටහන ඇරඹේ
සමුපකාර දෙපාර්තමේනතුව විසින් “අපි එනතුරු ගෙදර ඉන්න” නමින් ආරම්භ කරන ලද වියලි සලාක ගෙයින් ගෙට ගොස් අලෙවි කිරිමේ වැඩසටහන බස්නාහිර පළාත තුළ අද (25) ක්‍රියාත්මක විය.
මෙම වැඩසටහන යටතේ රුපියල් 500 හා 1000 වටිනාකමින් යුත් වියලි සලාක ඇතුළත් බඩු මිල ජනතාව වෙත ලබාදිම සිදුවු අතර අවශ්‍ය බඩු මලු දුරකථන මගින් දැනුම්දිමෙන් නිවෙස් තුළට ගෙන්වා ගැනිමේ ක්‍රමවේදයක්ද සකස් කර ඇත.
ප්‍රාදේශිය ලේකම් මගින් ග්‍රාම නිලධාරින් හරහා ඉදිරියේදි මෙම වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට යාමට සැලසුම් සකස් කර ඇත.
මෙම වැඩපිළවෙල බස්නාහිර පළාත තුළ ඇති විවිධ සේවා සමුපකාර සමිති 38 තුළම ක්‍රියාත්මක වන බව බස්නාහිර පළාත් කොමසාරිස් අවිනි ඒ විජේවික්‍රම මහතිමිය පැවසුවාය.
මෙහි දුරකතන අංකය ඉදිරියේදී දැනුම් දෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

popular news
-
Hemantha Thursday, 26 March 2020 06:36 AM
ක්‍රමය නම් හොදයි නමුත් මේ දවස් වල බඩු ගන්න සල්ලි කොහොමද හොයා ගන්නේ ඒ්කට විසදුමක් නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

