අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩ ඉරිඟු වගාවන්ට හානි කරමින් මේ වනවිට සේනා දළඹු වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වීම නිසා කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා ඊයේ (04දා) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන් පරීක්ෂා කිරීමට කටයුතු කරනු ලැබීය.
කෘෂිකර්ම නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන නිලධාරීන් පිරිසක් සමඅනුරාධපුර, සීප්පුකුලම, විරුප්පන්කුලම ගම්මානයේ වගා කර ඇති බඩඉරිඟු යායවල් කිහිපයක් අමාත්‍යයවරයා ඇතුළු පිරිස නිරීක්ෂණය කළහ.
මේ වනවිට සේනා දළඹු වසංගත තත්ත්වය යම් මට්ටමකට උද්ගතව පැවතිය ද, මෙම වසංගත තත්ත්වය පාලනය කළ හැකි මට්ටමක දැනට පවතින බව කෘෂිකර්ම නිලධාරීහු එහිදී පෙන්වා දුන්හ.
මෙහිදී වගා බිම්වල වැඩ කරමින් සිටි ගොවිජනතාව සමඟ කථාබහ කළ අමාත්‍යවරයා, සේනා දළඹු වසංගතය ඉක්මනින්ම පාලනය කරන බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශය හා රජය විසින් ඒ සඳහා අවශ්‍ය සියලුම පියවර ගන්නා බවත් පැවසීය. විශේෂයෙන් මෙවර මහ කන්නයේ බඩඉරිඟු වගාව සාර්ථක කර ගැනීම රජයේ ඉලක්කය බවත්, විශේෂයෙන් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු වගාව අඩාල වුවහොත්, ලබන වසරේදී කිරි, බිත්තර සහ කුකුළුමස් නිෂ්පාදනය අඩාල විය හැකි බැවින් බඩඉරිඟු වගාව ආරක්ෂා කර ගැනීම ප්රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.