මැණ්ඩවූස් සුලි කුණාටුව හේතුවෙන් උතුරු මුහුදු තීරයට බලපෑ සුලි සුලඟට හසුවීම හේතුවෙන් උතුරේ ධීවරයින්ගේ ධීවර යාත්රා 50 කට ආසන්න දැඩි හානි සිදුව ඇතැයි උතුරු පලාත් ධීවර සංගම් පවසති.
මැණ්ඩවූස් සුලි කුණාටුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ යාපනය මුහුදු සීමාවට වන අතර එහිදී යාපනය කරෙයිනගර් ධීවර ජැටියට අයත් ධීවර යාත්රා 30 කට දැඩි හානි සිදුව ඇති හෙයින් එහි ධීවරයින් දැඩි සේ අසරණව සිටිති.
ඊට අමතරව මන්නාරම මුහුදු සීමාවේ ධීවර යාත්රා 9 ක්ද මුලතිව් මුහුදු සීමාවේ ධීවර යාත්රා 11 කට පමණ සුලි කුණාටුවේ බලපෑමෙන් දැඩි හානි සිදුව ඇති අතරම ඇතැම් ධීවර යාත්රා සම්පූරණයෙන්ම පාහේ හානි වී දියේ ගිලී ඇති බවටද ධීවරයින් පවසා සිටිති.
ධීවර යාත්රාවලට හානි වීම හේතුවෙන් උතුරේ ධීවර පවුල් 100 කට ආසන්න ධීවරයින් 500 ක් පමණ දෙනා විපතට පත්ව ඇති හෙයින් සුලි කුණාටුවට හසුව හානි වූ ධීවර යාත්රා ප්රතිසංස්කරණය කරගැනීම සඳහා වන්දි මුදල් ලබාදීමට රජය විසින් වහාම පියවර ගත යුතු බවටද උතුරේ ධීවර සංගම් විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
