බස් රථ සඳහා මාර්ග අවසර පත්‍ර(Route Permits) ලබා දීම පසුගිය අවුරුදු 25ක පමණ කාලය තුළ දූෂිත සහ මාෆියා ආකාරයෙන් සිදුව ඇති බවත්, මාර්ග අවසර පත්‍ර ලබා දීම ගැන විගණනයක් සිදුකරන බවත් සභානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (18දා) පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර අන්තර් පළාත් ධාවනයේදී හෝ ග්‍රාමීය මාර්ග ධාවනයේදී ඉතා සෙමින් ගමන් කිරීමට විසඳුම ලෙස රජය ක්‍රියාත්මක කරනුයේ ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය ක්‍රියාත්මක කිරීම බවද අමාත්‍යවරයා පැවසීය.