’නිසි ලෙස හැසිරෙන්න’
ඉරානයට "නිසි ලෙස හැසිරෙන ලෙස" ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමත් සමඟම, බදාදා දිනයේදී ඇමරිකාව ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් දියත් කළ බව නිවේදනය කළේය.
හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට තර්ජනය කිරීම සඳහා ඉරානය යොදාගත් හමුදාමය හැකියාවන් ඉලක්ක කරගත් බවත්, ඉරාන වරායන් වෙත පනවා ඇති යළි ක්‍රියාත්මක කළ අවහිර කිරීම් උල්ලංඝනය කිරීමට උත්සාහ කළ නෞකාවකට වෙඩි තැබූ බවත් ඇමරිකානු හමුදාව පැවසීය.
යුද්ධය අවසන් කිරීම සඳහා වූ මූලික ගිවිසුම යළි ඇවිලී ගිය ගැටුම් හේතුවෙන් (දින පහක් පුරා පැවති) අර්බුදයට ලක්ව තිබියදී, බහරේනය සහ කුවේටය ඇතුළු කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවට ඉරානය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම සිදුවීම් මාලාව වාර්තා විය.
ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බාගර් ගාලිබාෆ් රාජ්‍ය මාධ්‍ය වෙත පැවසුවේ, එම ගිවිසුමෙන් තමන්ට ප්‍රතිලාභයක් නොලැබෙන්නේ නම් ඊට අනුගත වීමට ඉරානයට "කිසිදු හේතුවක්" නොමැති බවයි.
ලබන සතියේදී සාකච්ඡා සඳහා නැවත නොපැමිණියහොත් ඉරානයේ පාලම් සහ බලාගාරවලට ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් අඟහරුවාදා රාත්රියේදී තර්ජනය කර තිබුණි.
එවැනි ක්‍රියාමාර්ගයකට පෙර අවසන් කාලසීමාවක් (deadline) ලබා දෙන්නේදැයි බදාදා රාත්‍රියේ මාධ්‍යවේදීන් විමසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය: "මම අවසන් කාලසීමාවන් ලබා දීමට කැමති නැහැ, නමුත් ඔවුන් ඒ ගැන හොඳින් දන්නවා, ඔවුන් තත්ත්වය දන්නවා... ඔවුන් නිසි ලෙස හැසිරෙන එක තමයි හොඳ."
පසුව ආරක්ෂක සමුළුවකට සහභාගී වූ නියෝජිතයන් අමතමින් ඔහු පැවසුවේ ඉරානය "මේ මොහොතේ සතුටින් නොසිටින" බවයි.
"ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ එකඟතාවකට පැමිණීමටයි. අපි කරන දේට ඔවුන් කැමති නැහැ," ඔහු පැවසීය. "අපි ඔවුන් සමඟ එකඟතාවකට එළැඹෙනවාද නැතිනම් කාරණය සම්පූර්ණයෙන්ම අවසන් කර දමනවාද යන්න ඉදිරියේදී තීරණය වේවි."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

