‘මා දුටු චීනය’ ජයග්‍රාහකයන්ට ගුවන් ටිකට්පත් ප්රදානය
ශ්‍රී ලංකා චීන ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විජය පුවත්පතේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වූ ‘මා දකින චීනය’ තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙනුවෙන් සංවිධානය කරන චීන සංචාරය සඳහා ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම විජය පුවත්පත් සමාගම් පරිශ්‍රයේදී පැවැත්විණි. මහජන චීන සමූහාණ්ඩුවේ 69 වැනි ජාතික දිනයට සමගාමීව මෙම චිත්‍ර තරගය පැවැත්වීය.
මෙම තරගය කාණ්ඩ 11ක් යටතේ පැවැති අතර ඒම කාණ්ඩ 11 ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට සතියක චීන සංචාරයක් හමිවිය. පළමු ශ්‍රේණියේ සිට 9 වැනි ශ්‍රේණිය දක්වා කාණ්ඩ 9ක්, 10 හා 11 ශ්‍රේණි එක් කාණ්ඩයක්, 12 හා 13 ශ්‍රේණි තවත් කාණ්ඩයක් ලෙස එම කාණ්ඩ 11 පැවැත්විණි.
සිසුන් වෙනුවෙන් ගුවන් ගමන් පත්‍ර ප්‍රධානය කිරිම ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති නලීන් අපෝන්සු, විජයපුවත්පත් සමාගමේ මූල්‍ය උපදේශක ප්‍රීති විරාජ්ද සිල්වා, සන්නාම හා ප්‍රවර්ධන සහකාර සාමාන්‍යාධිකාරී සුජිත් පතිරන්නැහැ, විජය පුවතපතේ උපදේශක කතෘ පියල් උදය සමරවික්‍රම, විජය පුවත්පතේ කර්තෘ හා අද පුවත්පතේ ප්රවෘත්ති කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.


















popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
