ලබන බ්රහස්පතින්දා (11) විවාදයට ගැනීමට නියමිතව තිබු ශ්රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය වෙනුවට ‘එක්ස්ප්රස් පර්ල්’ නෞකා අනතුර සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට අද (9) පෙරවරුවෙ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදි තීරණය වූ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් අද (9) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.
ඒ අනුව ලබන 10 සහ 11 දෙදින (හෙට සහ අනිද්දා) පෙ.ව 9.30 සිට ප.ව 6.00 දක්වා විපක්ෂය ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව එම දෙදින විවාදය පැවැත්වීමට නියමිතව ඇත.
තවද සිකුරාදා (12) පැවැත්වීමට නියමිත සුභසාධක ප්රතිලාභ පනත යටතේ අංක 2328/13 දරන ගැසට් පත්රයේ පළකොට ඇති ‘අස්වැසුම’ නව සුභසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්රමය පිළිබඳ විවාදය එදින පෙ.ව 9.30 සිට ප.ව 7.30 දක්වා පැවැත්විමට ද මෙහිදී තිරණය වූ බව මහලේකම්වරයා පැවසීය.