කොවිඩ් පාලනය සඳහා මෙරටට ගෙන්වන ලද ෆයිසර් එන්නත් මිලියන 14.05 කින් භාවිතා කොට තිබුණේ 13% ක ප්‍රමාණයක් පමණක් බවත්ඉතිරි එන්නත් කල් ඉකුත් වීම හේතුවෙන් විනාශ කර දැමීමට සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාමහනුවර දී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය .
කොවිඩ් ව්‍යාප්තිය යම් ප්‍රමාණයකට පාලනය වීමත් සමඟ නිකරුනේ එම එන්නත් ලබා ගැනීම වෙනත් රෝගවලට අතවැනීමක් වන බවට සමාජය තුළමත පැතිර යාමත් සමග එන්නත් ලබා ගැනීමෙන් ජනතාව දුරස් වීම හේතුවෙන් එම එන්නත් ඉතිරි වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය .
ඉතිරි වූ එන්නත් වල ජීව කාලය අවසන් වීමට පෙර එම එන්නත් යාබද හිතවත් රටවලට ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා කළත් එම එන්නත් ලබා ගැනීමට ඉදිරිපත් වූ රටවල් තුනක් ගබඩා කිරීම් ඇතුළු ප්‍රශ්න කීපයක් හේතුවෙන් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය .
එන්නත් වල ජීව කාලය ඉකුත් වීම හේතුවෙන් ඒවා විනාශ කිරීම හැරවෙනත් විකල්පයක් නොතිබූ බැවින් එසේ එම එන්නත් තොග විනාශ කර දැමීමට සිදු වූ බව පැවසූ අමාත්‍යවරයා 2015 සිට නිකුත් වූ විගණන වාර්තා අනුව සෑම වසරක ම කල් ඉකුත් වූ ඖෂධ ඉවත දැමීම සිදු වන බව දපැවසීය .
එසේ ඖෂධ ඉවත දැමීම සම්පූර්ණයෙන් නවතා දැමිය නොහැකි බවත් එය අවම කර ගැනීම සඳහා වූ වැඩ පිළිවළකට යා යුතුව තිබෙන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය .