ආණ්ඩුව විසින් මාධ්‍යවේදීන්ගේ, පොලිස් නිලධාරීන්ගේ හා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දුරකථන ඇමතුම්වලට සවන් දෙන්නේ දැයි තමන් නොදන්නා බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අද (08දා) ඔහු මේ බව පවසා සිටියේ, මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
කෙසේ වුවද, පෙර පැවැති ආණ්ඩු සමයේදී එවැනි දෑ සිදු කළ වත්මන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු වර්තමානයේදීද එවැනි දෑ සිදුවනු ඇති බවට සැක පළ කරනු ඇති බවත්, ඇතැම් විට ඔවුන් විසින් යොදා ගනු ලැබූ තාක්ෂණික උපකරණ අතැතිව සිටින විවිධ පාර්ශ්ව තවදුරටත් එසේ කරනු ඇති බවට ඒකාබද්ධ විපක්ෂය සැක පළ කරනු ඇති බවත් අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.