පේදුරුතුඩුව පොලිස් වසමේ වල්ලිපුරම් ප්ර දේශයේ වෙල් යායක මත්පැන් පානය කරමින් සිටිය තරුණයින් 06 දෙනෙකුගෙන් දෙදෙනෙක් වෙල්යායේ තිබූ ළිඳකට වැටි දියේ ගිලී බරපතල තත්ත්වයෙන් මන්දිගායි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
මරණකරුවන් අවුරුදු 24ක් වන වල්ලිපුරම් ප්ර දේශයේ පදිංචිකරුවෙකි. මත්පැන් පානය කරමින් සිටි පිරිස අතරින් ඒක් පුද්ගලයෙකු ළිඳට වැටුනු අවස්තාවේ තවත් තරුණයෙකු ඔහු බේරා ගැනීමට ළිඳට පැන ඇති අතර ඒහිදී දෙදෙනාම දියේ ගිලී රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.