කිලිනොච්චිය පොලිස් වසමේ කිලිනොච්චිය නගර සීමාවේ පිහිටි වෙලඳසැල් සම්බන්ධයෙන් කොට්ඨාස බුද්ධි අංශ නිලධාරින් යොදවා ලබා ගත් තොරතුරු මත පාසල් සිසුන් හා උපකාරක පංති සිසුන් සඳහා දුම්වැටි අලෙවි කිරීම සම්බන්ධයෙන් වෙලඳසැල් හිමියන් 13 දෙනෙකු හට 2026.07.01 දින කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණයේ නඩු පවරා ඇත. එක් අයෙකුට රුපියල් 20,000 (විසිදහස) බැගින් වෙළඳසැල් හිමියන් 11 දෙනෙකු හට දඩ නියම කර ඇත.
ඉදිරිපත් නොවූ වෙලඳසැල් හිමියන් දෙදෙනෙකුට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති අතර කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.