ළමා හිංසනය සිදු කරන අයට තරාතිරම නොබලා දඬුවම්
අද රටේ ළමා නිවාස වල සිටින අහිංසක දරුවන්ට ලිංගික හිංසන සහ විවිධ අඩත්තේට්ටම් සිදු කිරීම පිළිබඳ බහුලව වාර්තා වන බවත් ,ඒවාට එරෙහි ව රජයක් වශයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ කාන්තා සහ ළමා සංවර්ධන අමාත්‍යාංශය පරීශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වූ රාජ්‍ය අමාත්‍යවරයා
අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ දරුවන්ට සිදුවී තිබෙන සියලු හිංසනයන්ට විරුද්ධව ජනාධිපතිවරයාගේ උපදෙස් මත තවදුරටත් තමා පෙනීසිටින බවත්, එපමණක් නොව සමස්ත පද්ධතියේ පවතින ගැටලු නිරාකරණය කිරීමට සුදානම් බවත් පැවසීය.
මේ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බුද්ධි අංශ ද යොදවා ලොකු පොඩි බේද නොමැතිව වැරදිකරුවන් නීතියේ රැහැනට හසුකර ගන්නා බවත්,පසුගිය දා සිදු වූ අවන්තිදේවී කාන්තා ළමා නිවාසයේ සිදුවීම පළාත් සභා විෂය පථයට අදාල වුවත් කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ළමුන් සදහා වූ හිංසනයන් ගැන තමන් සොයාබලා කටයුතු කල බවද හෙතෙම සඳහන් කලේය.
එහෙත් මෙම සිදුවීමේ දී ගත් ක්‍රියාමාර්ග ස්ථාන මාරුකිරීම් වලට පමණක් සීමාවීම කතා බහට ලක් වී තිබෙන බව පසුගිය දා ලංකා ගුරු සංගම් පෙන්වා දෙන ලදී එහිදී ඔවුහූ කියා සිටියේ අදාල ළමා නිවාසයේ පාලිකාව තවමත් එහි සේවයේ නියුතු බවයි. ඒ අනුව මේ සම්බන්ධව මාධ්‍ය විසින් යලි යළිත් තොරතුරු වාර්තා කර තිබුණි.
ප්‍රේමතිලක පෙරමුණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
