ළමා ඉතිරිකිරීමෙ ගිණුම්වලින් රඳවා ගැනීමේ බදු අයකිරීම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙමින් පවතින බව දෙමාපියන් රජයට චෝදනා කරයි.
ළමා ඉතරි කිරිමේ ගිණුම්වලින් 5%ක රඳවා ගැනීමේ බද්දයක් අය කිරිමට රජය කටයුතු කළ අතර පසුව ඒ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා සැලකිල්ලට ගෙන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ එම බදු අය කිරීම නැවැත්වීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් තවමත් ළමා ඉතිරිකිරීමේ ගිණුම්වලින් බදු අය කිරීම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙමින් පවතී.