අයහපත් කාලගුණික තත්වයත් සමග පැවති ආපදා හේතුවෙන් සාමාන්‍ය ගමනා ගමන කටයුතු සඳහා අවසර ලබා දුන් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යාන මාර්ග (07) දා සිට දෙස් විදෙස් සංචාරකයින් සඳහා පමණක් විවෘත්ත වන බව එම උද්‍යාන භාරකාර එම්.එම්.කේ. මොරතැන්න මහතා පැවසීය.
මේ වන විට නුවරඑළිය-වැලිමඩ මාර්ගය යතා තත්වයට පත්කර ගමනා ගමන කටයුතු ආරම්භ කර ඇති නිසා දෙපාර්තමේන්තුවෙන් ලැබුණ උපදෙස් මත මෙම තීරණය ගත් බව එම්.එම්.කේ මොරතැන්න මහතා කීවේය.
ඒ අනුව හේර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසෙන දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්‍ය ආරක්ෂාව හා පහසුකම් සපයා ඇති බවත් හෝර්ටන්තැන්න උද්‍යාන භාරකාර එම්.එම්.කේ.මොරතැන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.