හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් සිටි තායි ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් නෞකාවට හදිසි ආධාර ලබා දෙන බවත් තායිලන්ත නාවික හමුදාව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් රාජකීය තායි නාවික හමුදාව පවසන්නේ තායි කාර්ය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකු එහි සිටි බවයි.
ඕමාන නාවික හමුදාව කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු බේරාගෙන ඇති අතර ඉතිරි තිදෙනා "ගලවා ගැනීමේ ක්‍රියාවලියක" යෙදී සිටින බව තායි බලධාරීන් පවසයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කලීෆා වරායෙන් පිටත්ව ගිය නෞකාවට ප්‍රහාරයක් එල්ල වී තිබේ.