හෝමූස් සමුද්‍ර සන්ධිය “නැවත විවෘත කරනු ලබන්නේ” යුද්ධයෙන් සිදු වූ සියලු හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් හෝමූස් හරහා ගමන් කරන නැව් වලින් ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය අනුව බව ඉරාන ජනාධිපති කාර්ලයාා ප්‍රකාශකයෙක් පැවැසීය.
ඉරාන නිලධාරීන් සහ නීති සම්පාදකයින් මීට පෙර සමුද්‍ර සන්ධිය භාවිත කරන යාත්‍රා සඳහා ප්‍රවාහන ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තව තුළ නීති සම්පාදනය කර ගැනිමට කටයුතු කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නවතම අදහස්වලට ප්‍රතිචාර දක්වමින් ඉ රාන ප්‍රකාශකයා පවසන්නේ එක්සත් ජනපද ජනාධිපතිවරයා “කලාපය තුළ පූර්ණ පරිමාණ යුද්ධයක් අවුලුවා ඇති අතර තවමත් තර්ජන නිකුත් කරමින් සිටින” බවයි.
ට්‍රම්ප්ගේ “අපහාස සහ විකාර” “හුදෙක් බලාපොරොත්තු සුන්වීම නිසා ප්‍රකාශ කරන්නක් බවද ඔහු පවසයි.