හෝමාගම හිටපු මන්ත්‍රී ඝාතනයේ වෙඩික්කරු අල්ලයි
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
පසුගිය 12 වැනි දින මීගොඩ පොලිස් වසමේ ගැහැනුවල ප්‍රදේශයේදී සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව 2025.08.20 වන දින අපරාධයේ වෙඩික්කරු ලෙස ක්‍රියා කල බවට සැක කෙරෙන පුද්ගලයෙකු හම්බන්තොට පොලිස් වසමේ නාගරවැව ප්‍රදේශයේදී විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 34 ක් වන බරවකුඹුක ප්‍රදේශයේ පදිංචි හිටපු යුධහමුදා සෙබළෙකි. සැකකරු සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී අවිස්සාවේල්ල සහ කොල්ලුපිටිය ප්‍රදේශවලදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් අනාවරණ වී ඇති අතර, සැකකරුගේ මඟ පෙන්වීම මත හංවැල්ල ප්‍රදේශයේ සඟවා තිබූ මෙරට නිෂ්පාදිත මි.මි 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, මි.මී 9 වර්ගයේ පතොරොම් 04 ක්, මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතොරොම් යෙදිය හැකි අවි දෙකක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 ක් සොයාගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

