හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පළ පිටුපස ඇළ මාර්ගයක තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් ඊයේ (05දා) සොයාගත් බව හෝමාගම පොලිසිය පවසයි .
119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමෙදී අඩි අටක් පමණ ගැඹුරින් යුත් ඇළ මාර්ගයේ අඩි 2 පමණ තිබූ ජලය මත මෙම මළ සිරුර තිබී හමු වූ බවයි පොලිසිය පැවසීය.
දින 2 කට පමණ පෙර මිය ගිය බවට සැක කෙරෙන මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරනය වී නැති බව පවසන පොලිසිය වයස අවුරුදු 50 ක පමණ පිරිමි පුද්ගලයකු බව පොලිසිය කියයි.
මෙය ඝාතනයක් ද නැතහොත් ඇළට වැටී මිය ගියාද යන්න පිළිබඳ අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි .පසුව සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් ද පැමිණ ස්ථානීය පරීක්ෂණ ආරම්භ කරන ලදී
හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් සිද්ඪිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක ය .
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න