හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානය යටතේ පාලනය වන නන්පේරියල් ලෝකාන්තය ප්‍රදේශයේ බලපත්‍රයක් නොමැතිව විශාල පරිසර හානියක් කරමින් අනවසරෙන් මැණික් ගැරු සැකකරුවන් හත්දෙනෙකු හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නිලධාරින් විසින් ඊයේ (18දා) අත්අඩංගුවට ගෙන සැකකරුවන් නුවරඑලිය මහෙස්ත්‍රාත් තිළිණ එන් පිරිස් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් ලබන මස (02දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.
හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නන්පේරියල් පේර කලාපයේ අනවසරෙන් පිරිසක් පරිසර හානියක් සිදු කරමින් මැණික් ගරන බවට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර සැකකරුවන් හත්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වලස්මුල්ල , ඇඹිලිපිටිය , කුරුණැගල , බගවන්තලාව යන ප්‍රදේශවල පදිංචි අවු 30 – 55 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද තම භාරයට ගත් බවයි වැටලිම සිදු කල හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ භාරකරු පි.පි.දයාරත්න මහතා පැවසීය.
