හොරණ රෝහල මධ්‍යම රජයට
බස්නාහිර පළාත් සභාව යටතේ පරිපාලනය වන හොරණ දිස්ත්‍රික් මහ රෝහල සියලු භෞතික හා මූල්‍ය වත්කම් සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2022 ජූනි 3 වැනිදා මූලික රෝහලක සිට දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස උසස් කරන ලද හොරණ රෝහලේ මේ වන විට ඇඳන් 544ක ධාරිතාවක් සහ 739ක අනුමත කාර්ය මණ්ඩලයක් පවතී.
හොරණ සහ ඒ අවට කළුතර, කොළඹ හා රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ ආවරණය කරමින් මධ්‍යගතව පිහිටි මෙම රෝහල මඟින් ආසන්න වශයෙන් ලක්ෂ 10ක ජනතාවකට සෞඛ්‍ය සේවා සපයනු ලබයි.
දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස තෘතීයික සත්කාර සේවා තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මානව සම්පත ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන එය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සුදුසු බව හඳුනාගෙන ඇත. ඒ සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ එකඟතාවද ලැබී තිබේ.
ඒ අනුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව හොරණ දිස්ත්‍රික් මහ රෝහල සියලු භෞතික හා මූල්‍ය වත්කම් සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
