හොරකම් කරපු වත්කම් නාමල් රජයට පැවරීමට යයි
තමා ඇතුලු පවුලේ සාමාජිකන් අයථා ලෙස වත්කම් උපයා ඇතැයි ඔප්පු කල හොත් එම වත්කම් රජයට පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
එමෙන්ම තමන් ඇතුලු පවුලේ සාමාජිකයන් වැරදිකරුවන් නොවන බව දිවුරුම් ප්‍රකාශයක් මගින් සනාථ කල හැකි බවත් තමන් ඇතුලු පවුලේ සාමාජිකයන්ට බොරු චෝදනා එල්ල කර බලය ලබා ගැනීමට ඇතැමුන් උත්සාහ කරනු ඇති බවත් මන්ත්‍රීවරයා පවසයි.
හම්බන්තොට ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
"යහපාලන ආණ්ඩුවක් ආවා. අනුර කුමාර මහත්තයත් ඒකේ හිටියා, සජිත් ප්‍රේමදසා මහත්තයාත් ඒකේ හිටියා, අපේ ජනාධිපතිතුමත් ඒකේ හිටියා. ලෝකේ වටේ ගියා අපේ ගිණුම් හොයන්න. රංජන් රාමනායක මහත්තයා ඩුබායි මැරියට් හෝටලය ළඟට ගිහිල්ලා කිව්වා, මේ නාමල්ගේ හෝටලය කියලා. වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා රාජපක්ෂලාට එහෙම ජාත්‍යන්තර ගිණුම් තියෙනවා කියලා කිසිම තැනක තහවුරු වෙලා නැහැ කියලා. එදා කියපු බොරුව අද ඒ විදිහටම අද ආයවතාවක් කියනවා. ෆයිල් මිටි ගහගෙන ඉන්න ඕනේ නැහැ. ෆයිල් මිටි හංගගෙන ඉන්න ඕනේ නැහැ. ඒ අයට සාක්ෂි තියෙනවානම්, ඔප්පු කරන්න සාධක තියෙනවානම්, මගේ නමට හෝ අපේ පවුලේ කෙනෙක්ගේ නමට ඔප්පුවක් තියෙනවානම්, මේ ලෝකේ තියන රටවල ෆයිල් හංගගෙන ඉන්න එපා අරගෙන එන්න. අපි දිවුරුම් ප්‍රකාශයකින් ලියලා දෙන්නම්. උගන්ඩාවට සල්ලි යැව්වා.. අමූලික බොරුවක්. බලය ලබාගන්න බොරු කරනවා. බොරු කිය කිය ඉන්න දෙයක් නැහැ. ඔය කියන සාධක තියෙනවානම් අපි ලෑස්ති ඒ සියල්ලම අපි ආණ්ඩුවට පවරන්න, රටට පවරන්න."
popular news
-
Shan Monday, 27 February 2023 09:37 PM
අනේ ගොං බූරු පුතානෝ, උඹලා තවත් ලංකාවේ මිනිසුන්ව අන්දන්න හදනවද? නුගේගොඩ කුලියට හිටපු පවුලට කොහෙෙමද ඔය තරමට වත්කම්. අනෙක මේ ලෝකේ ඕන තරං රටවල් තියෙනවා සල්ලි හංගන්න. ලංකාවට ඕනේ රාජපස්ස පවුලම රටින් තොලොංචි වෙන්න. උඹලා එ් තරමට රට කෑවා.
Reply : 2 1
Demuni Uduwara Tuesday, 28 February 2023 04:25 PM
Namal, you swear or vow that you and your family have not stolen govt assets whatsoever. We let incoming govt to do the needful by a forensic audit.
Reply : 0 0
Dharmasiri Wednesday, 01 March 2023 11:48 PM
බදුල්ල ප්‍රදේශයේ දේශපාලන කටයුතු කරන දේශපාලුවෙක් රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩා නගරයක සිනමා හලක් මිලට ගත්තා කියලා කාලෙකට පෙර කතාවක් අහන්න ලැබුනා නමුත් ඒක අරගෙන තිබුනා කියන්නෙ තවත් කුඩා නගරයක රාත්‍රියේ කඩයක් කරන මුදළාලි කෙනෙකුගේ නමට කියලයි ජනතාව කියන්නෙ ඉතින් රාජපක්ෂලා අහුවෙන්න වැඩ කරයිද
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

