උදෑසන හබරාදූව පොලිස් වසමේ පිලල්ල ප්‍රදේශයේ ලැගුම් හලක නවාතැන්ගෙන සිටින විදෙස් ජාතිකයින් දෙදෙනෙකු විසින් ව්‍යාපාරික ස්ථානයක් වෙත ගනුදෙනු සඳහා ව්‍යාජ ඩොලර් 400 ක මුදලක් ලබාදුන් බවට ලද පැමිණිල්ලකට අනුව හබරාදූව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කරන ලදී.
ඒ අනුව අදාල ලැගුම්හලෙහි නවාතැන්ගෙන සිටි විදේශිකයින් පරික්ෂා කිරීමේදී ඔවුන් සංචාරක වීසා මත මෙරට රැඳී සිටින බවට අනාවරණය වී ඇති අතර ඔවුන් සන්තකයේ තිබී තවත් ව්‍යාජ ඩොලර් 5200 ක් සොයාගෙන ඇති අතර අදාල විදේශිකයින් දෙදෙනා ව්‍යාජ විදෙස් මුදල් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 26 හා 27 වයස්වල පසුවන තජිකිස්තාන ජාතිකයින් වේ. හබරාදූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.