හොඳින් තෝරමු, සවිමත්ව වැඩෙමු
පාසල් ආපනශාලා දරුවන්ගේ ආහාර තේරීම්, පෝෂණය, සෞඛ්යය සහ ඉගෙනුම් ප්රතිඵල කෙරෙහි බලපාන වැදගත් භූමිකාවක් ඉටු කරයි. සෞඛ්ය සම්පන්න ආහාර ගැනීම සහ හිතකර පාසල් ආහාර පරිසරයක් ප්රවර්ධනය කිරීම සඳහා ශ්රී ලංකාව පාසල් ආපනශාලා මාර්ගෝපදේශය සකස් කර ඇතත්, ඒවා සාර්ථකව ක්රියාත්මක කිරීම සඳහා සිසුන්, දෙමාපියන්, පාසල් ආපනශාලා පවත්වාගෙන යන්නන්, රාජ්ය ආයතන, සිවිල් සමාජ සංවිධාන සහ පෞද්ගලික අංශය අතර වැඩි දැනුවත්භාවයක්, සහභාගීත්වයක් සහ සහයෝගීතාවක අවශ්ය වේ.
එසේම ශ්රී ලංකාවේ සමස්ථ ජනතාව සිය ආහාරවේලේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබේ. මෙම පසුබිම තුළ රාජ්ය හා අනෙකුත් අදාළ අංශ පෝෂණය නැංවීම සම්බන්ධයෙන් ඉටු කරන විවිධ කාර්යයන් අතර මෙම ආහාර සැණකෙලිය හා අලෙවි ප්රදර්ශනයද කැපි පෙනෙන වැඩසටහනකී.
සෞඛ්ය සම්පන්න ආහාර සහ විනෝදජනක ක්රීඩා සමග මුළු පවුලම එකතු වන විශේෂ උත්සවයක් ලෙස මෙම සැණකෙලිය හැඳින්විය හැකිය. NUTRIFEST 2026 සමග විනෝදයෙන් පිරුණු දින දෙකක් ගත කිරීමට ඇරයුම් කෙරේ. ඔක්තෝබර් 15 සහ 16 දෙදින පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා දිනපතා කොළඹ විහාරමහාදේවී උද්යානයට පැමිණ, මෙම අවස්ථාවට සහභාගී වී නීරෝගී ආහාර රටා සම්බන්ධයෙන් දැනුවත් වීමටත්, ආහාර පාන උසස් ප්රමිතියක් සහිතව සාධාරණ මිලට ලබාගැනීමටත්, මහජනතාවට හැකි වේ. මෙම අනගි අවස්ථාව මග නොහැර ඊට සහභාගිවන මෙන් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය ඉල්ලා සිටි.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය, අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය පුහුණු අමාත්යාංශය සමග World Vision එක්ව මෙම අහාර සැණකෙළිය සහ අළෙවි ප්රදර්ශනය සංවිධානය කරයි.
මෙම ප්රවෘත්තිය සඳහා ඔබගේ අනගි මාධ්යයෙන් පුළුල් ප්රචාරයක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

