නිවැරැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට විපක්ෂය රජයට සහය දෙන බවත්, ආර්ථික හා මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් රජයට ස.ජ.බ යේ සහාය නිසැකවම ලබා දෙන බවත් තිරසාර භාවය සඳහා අතිශයින් වැදගත් වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය දැනටමත් ජාත්‍යන්තර උපදේශකයන් පත් කර තිබීම හිතකර තත්ත්වයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක කාර්යාලයේ ඉරිදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා, " ජනාධිපතිවරයා පසුගිය දිනක ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ප්‍රකාශයක් කළා. එහි සන්දර්භය අප තේරුම් ගත යුතුයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කරන ජාත්‍යන්තර පාර්ශ්ව කථා කළේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ විදේශිකයන් සතු ණය ගැනයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දේශීය ණය කප්පාදු කිරීමකට අවස්ථාවක් දිය නොහැකියි.ඒ වෙනුවට සිතා බැලිය හැකි වෙනත් විසඳුම් තිබෙනවා. අපි එම විසඳුම් දෙස බලමු. ඒ නිසා රජය හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සිටින අය ඒවා බුද්ධිමත්ව හැසිරවිය යුතුයි.
ණය ප්‍රයෝජනයට ගැනීමේදී අපි වැරදි කරලා තියෙනවා. ලබාදුන් ණය නිසිලෙස ආයෝජනය කර රටට ආර්ථික සහ මුල්‍ය ප්රතිලාභ ලබා දෙන බවට වග බලා ගැනීමේ වගකීම ණය දුන් අයටද පැවරෙනවා. ප්‍ර
රටේ දැවෙන ප්‍රශ්න විසඳීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා. අමාත්‍යධූර භාරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුවී නෑ."