දෙහිඅන්තකණ්ඩිය පොලිස් වසමේ හේනානිගල දකුණ වැවේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ හබරාදූව පදිංචි අවුරුදු 17 හා 19 වැනි වයස්හි පසුවන තරුණයන් දෙදෙනෙකි.
හබරාදූවේ සිට බස් රථයකින් විනෝද චාරිකාවකට පැමිණි සිටි පිරිසක් වැවේ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.