අම්පාර උහන ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ අම්පාර අභය භුමියට අයත් ලාතුගල රක්ෂිත ප්රදේශයේ හේන් වගාව සදහා ගම්වැසියන් විසින් වනය විනාශ කරන බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව අම්පාර වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය මගින් මෙම රක්ෂිත වනයේ මෙහෙයුමක් දියත් කර තිබේ. වනජීවි නිළධාරින් එම ප්රදේශයට ලංවෙන අවස්ථාවේ වනය කපමින් සිටි අය පලා ගොස් ඇති අතර එක් පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනිමට වනජීවි නිළධාරින් සමත්වි තිබේ.
වනජීවි කලාපයට අයත් මෙම රක්ෂිතය අක්කර 06 ක පමන ප්රමානයක් සුද්ධ කර ඇති බව අම්පාර වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක නිළධාරින් සදහන් කරයි.දැනට එම රක්ෂිතයට ඇතුල්විම වනජීවී දෙපාර්මේන්තුව විසින් තහනම් කර තිබේ.
මෙම ප්රදේශයේ ජනතාව හේන් ගොවිතැනින් ජීවත් වන අතර මිට පෙර ඔවුන් කපන ලද හේන් වගා කිරිමට පසුගිය රජය විසින් අවස්ථාව ලබාදි තිබේ.එම ප්රදේශයෙන් පසුව ඇති වනාන්තරවලට ඇතුලු විමට වනජීවී දෙපාර්තමේන්තුව සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව තහනම් කර තිබියදි සමහර පුද්ගලයින් විසින් මෙම රක්ෂිත වනයට ඇතුලුවි වනය විනාශ කර ඇති බව අම්පාර වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ගිහාන්ද සිල්වා මහතා සදහන් කලේය.
මේ පිලිබදව විමසිමේදි නැගෙනහිර වනජීවි සහකාර අධ්යක්ෂක ප්රසාන්ත විමලදාස මහතා පැවසුවේ .දැනට අම්පාර අභය භුමියේ විශාල ප්රමාණයක් මිනිසුන් අත්පත් කරගෙන ඇති අතර මේ හේතුව නිසා වන අලින්ට තම වාසභුමි අහිමිවි ඇති බවයි.එම නිසා මොනම හේතුවකටවත් තවදුරටත් වනය තුලට හේන් වගා කිරිමට අවස්ථාවක් ලබා නොදෙන බව පැවසීය.
දැනට අර්බුදයට ලක්ව ඇති ප්රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වනජීවි නිළධාරින් කණ්ඩායමක් අම්පාර අඩවි වන කාර්යාලයෙන් යොදවා ඇති අතර අනවසරයෙන් ඇතුල්ටෙවන අය සිටිනම් ඒ අය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පැවසිය.
මේ පිලිබදව විමසිමේදි ගම්වැසියන් පවසන්නේ තමන් මිට පෙර වගා කරන ලද හේන් පමණක් සුද්ධ කල බවයි.
නමුත් හේන් වගාව සදහා කැලෑ කපන ලද ප්රදේශයේ විශාල ගස්ද කපා දමා ඇති බව අප එහි කරන ලද සංචාරයේදි දැක ගැනිමට හැකිවිය.
අම්පාර වසන්ත චන්ද්රපාල


