ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ආරම්භ කළ හෙලිටුවර්ස් සමාගම යළිත් අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.
1972 වසරේදී සමාගම ආරම්භ කිරීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතව අභ්‍යන්තර වාණිජ ගුවන් සේවා අංශය බවට පත්වෙමින් දෙස් විදෙස් සංචාරකයන්ට සේවා ලබාදීමට කටයුතු කෙරෙනි.කෙසේ වෙතත් පසුගිය කාලයේදී එම සමාගම මෙහෙයුම් තාවකාලිකව අත්හිටවූ අතර යළිත් මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුව්න සේවා අධිකාරිය විසින් ගුවන් ක්‍රියාකාරු සහතිකය ලබාගෙන තිබේ.
ගුවන් සේවය නැවත ස්ථාපිත කිරීමෙන් පසුව අනුරාධපුර, පලාලි, චීන වරාය නගරය හා මඩකලපුව ගුවන් තොටුපොළ හරහා ගුමන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.