හෙරොයින් ළඟ තබාගත් හිමිනමක් සහ සැකකරුවකු අත්අඩංගුවට
හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ ළඟ තබාගත් හිමිනමක් ඇතුළු සැකකරුවෙකු පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ කලාගල මාර්ගයේදී මෙම හිමිනම සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වයස අවුරුදු තිස් අටක සැකකරු පොළොන්නරුව පලුගස් දමන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ළඟ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම්  110 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් වයස අවුරුදු තිස් එකක සැකකාර හිමිනම ළඟ තිබියදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130 ක් පොලිසිය සන්තකයේ ලබා තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.
 
හිමිනම පොළොන්නරුව පුලස්ති පුර පොලිස් වසමේ කෑගලුගම ප්‍රදේශයේ විහාරස්ථානයක භාරකාරත්වය උසුලමින් සිට ඇත.හිමිනම සහ සැකකරු අද (14) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොළොන්නරුව පොලිසියට බාරදී ඇත.
මෙම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                