මහනුවර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්ධන අංශය මහයියාව නගර සභා ගම්මානයේ සිදුකරන ලද මෙහෙයුමකදී හෙරොයින් මත්කුඩු සමඟ එකම පවුලේ තාත්තා, දූවරුන් දෙදෙනා සහ මාමා අත්අඩංගුවට ගෙන තිබේ .
මහයියාව ප්රදේශයට මත්කුඩු මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු ගෙන් ලද තොරතුරකට අනුව අදාළ නිවස වටලන විට ප්රධාන සැකකරුගේ දියණියන් දෙදෙනා බව පවසන වයස අවුරුදු 30 ට අඩු තරුණියන් දෙදෙනා සන්තකයේ හෙරොයින් කුඩු පැකට්ටුව බැගින් ද ප්රධාන සැකකරු සහ මාමා බව පවසන සැකකරුගේ සන්තකයේ හෙරොයින් මත් කුඩු ග්රෑම් දෙකහමාරකට ආසන්න ප්රමාණය බැගින් ද තිබී පොලිසියට හසු ව තිබේ.
අත්අඩංගුවට පත් සියලු දෙනා මීට පෙර හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් උසාවියේ චෝදනා ලද පුද්ගලයන් බවද පොලිසිය කියයි .
මහනුවර වැඩබලන මූලස්ථාන භාර ප්රධාන පොලිස් පරීක්ෂක එස්. පී සතරසිංහ මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්දන මර්ධන අංශය මර්ධන අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක සේමසිංහ, කාන්තා පොලිස් සැරයන් 1417 නිලුකා, පොලිස් කොස්තාපල් 70081 ගුණවර්ධන, පොලිස් කොස්තාපල් 91532 ජයන්ත, කාන්තා පොලිස් කොස්තාපල් 10864 ප්රදීපිකා යන නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි
ෂේන් සෙනෙවිරත්න