රේගුව මග හරිමින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටි ව්‍යාපාරිකයෙකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ හෙරොයින් වෙනුවට භාවිතා කළ හැකි මත් කරල් තොගයක් කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (18දා) අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි , නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙකි. මෙම මත් කරල් 60,460 ක් මෙම ව්‍යාපාරිකයා සිය ගමන් මලු දෙකක් තුළ සගවා ගෙන පැමිණ තිබුණි.
ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව හෙරොයින් වලට ඇබ්බැහි කරවීම සදහා මුලින්ම ලබා දෙන මත් කරල් විශේෂයක් වන මේවායේ එක් කරළක වෙළෙඳ පළ වටිනාකම රුපියල් 300 ක් පමණ වන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.
මෙම මත් කරල් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි අසූ එක් ලක්ෂ තිස් අට දහසක් පමණ වන බවට ගනන් බලා තිබේ.
මෙම ව්‍යාපාරිකයා 04/18 දින අලුයම 01.59 ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. 1117 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ නිසි අවසරය සහිත බලපත්‍රයක් සහ වෛද්‍යවරුන්ගේ අනුමැතිය ඊට හිමි වී තිබීම අත්‍යාවශ්‍ය වේ .
මේ වනවිට මෙම ව්‍යාපාරිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර , කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.
ඉන්දිකා රාමනායක/ටී.කේ.ජී. කපිල