හෙද හෙදියන් 3000 කට ආසන්න ප්‍රමාණයකට ඉදිරියේ දී පත්වීම් ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කර සිටියේ ඉදිරි මාස 04 තුළ දී හෙද හෙදියන් 500කට පමණ පත්වීම් ලබා දීමට කටයුතු කරන බවත්, ඊට අමතරව තවත් උපාධිධාරීන් 800 ක ප්‍රමාණයකට අනුමැතිය ලද විගස පත්වීම් ලබා දීමට කටයුතු කරන බවත්ය.
මීට අමතරව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් 976 කට මේ වන විට පත්වීම් ලබා දී ඇතැයි කී අමාත්‍යවරයා, ඉදිරි මාස කිහිපයෙහිදී උපස්ථායක තනතුර සඳහා (Attendant) 1000 ක් ශ්‍රේණි උසස්වීම් මත කාර්ය මණ්ඩලයෙන්ම බඳවා ගැනීමට කටයුතු කරන බවද පවසා සිටියේය.
සෞඛ්‍ය කාර්ය සහායකයන් ද ඉදිරියේ දී බඳවා ගැනීමට කටයුතු කරන බව ද සඳහන් කළ අමාත්‍යාවරයා, වැඩිදුරටත් පවසා සිටියේ මෙම බඳවා ගැනීම් සමඟ වර්තමානයේ අනුමත කාර්ය මණ්ඩල ප්‍රමාණය නොව පෙර පැවති අනුමත කාර්ය මණ්ඩල ප්‍රමාණය සම්පූර්ණ කර ගැනීමට හැකියාව ලැබෙන බවයි.