හෙද විදුහල්වල සහ හෙද විදුහල්පතිවරුන්ගේ වෘත්තිය ගැටළු රැසකට විසඳුම්
හෙද විදුහල්වල පවතින ගැටළු නිරාකරණය කිරීම සහ හෙද විදුහල්පතිවරුන් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබඳව සොයා බැලීම සඳහා වු විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ හෙද විදුහල්පතිවරුන්ගේ සංසඳයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
දිවයින පුරා පිහිටි හෙද විදුහල් 17 නියෝජනය කරමින් හෙද විදුහල්පතිවරුන් මෙම විශේෂ සාකච්ඡාව සඳහා එක්ව සිටි අතර, හෙද විදුහල්වල ආචාර්යවරුන්ගේ හිඟය, හෙද විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්යවරුන් සදහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාගැනීම, විභාග පරීක්ෂණ ගාස්තු සංශෝධනය, හෙද විදුහල්පතිවරුන් සඳහා ලබාදෙනු ලබන දීමනා ඉහළ නැංවීම, සුදුසු වැටුප් තලයක පිහිටුවීම, හෙද විදුහල්වල අභ්‍යන්තර පහසුකම් සහ භෞතික සම්පත් ඉහළ නැංවීම, මානව සම්පත ශක්තිමත් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කරමින් මෙහිදී දීර්ඝව සාකච්ඡා සිදු කරන ලදි.
මෙරට හෙද විදුහල් 17 ක් වන අතර, එම හෙද විදුහල්වල දැනට හෙද ආචාර්යවරුන් 216 ක් මෙන්ම පුහුණුව ලබන සිසුන් 5000 දෙනෙකු වන බවත්, ඉදිරි දෙසැම්බර් මස තවත් සිසුන් 2,650 ක් බඳවා ගැනීමට නියමිත බව මෙහිදී පෙන්වා දුන් හෙද විදුහල්පතිවරුන් රාජකාරි කටයුතු අධික බැවින් දැනට සිටින හෙද ආචාර්යවරුන් ප්‍රමාණවත් නොවන බව අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුවත් කරන ලදි. අනුමත හෙද ආචාර්යවරුන් ප්‍රමාණය 395 ක් බවත්, ඒ අනුව තවත් හෙද ආචාර්යවරුන් 175 ක අවශ්‍යතාවයක් වන බව ද පෙන්වා දෙන ලදි.
ඒ පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍යවරයා නතර කර ඇති හෙද ආචාර්යවරුන් බඳවා ගැනීම කඩිනමින් ආරමිභ කර ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති පිරිස් වෙනුවෙන් ඉදිරි මාස දෙක ඇතුළත විභාග පවත්වා බඳවා ගැනීම් සිදු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
හෙද විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්යවරුන් සදහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාගැනීම පිළිබඳව හෙද විදුහල්පතිවරුන් කරුණු පෙන්වා දෙන ලද අතර, ලබන වසරේ ඉන්දියාව, තායිලන්තය වැනි රටවල් කේන්ද්‍ර කර ගනිමින් උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමට කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.
විභාග පරීක්ෂණ ගාස්තු ඉහළ නැංවීම පිළිබඳ අවධානය යොමු කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අනුමැතීන් යටතේ සුදුසු දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
හෙද විදුහල්පතිවරුන් සඳහා 2000 වර්ෂයේ සිට ලබාදෙනු ලබන රුපියල් 1,500 දීමනාව ඉහළ නැංවීමෙි අවශ්‍යතාවය ද හෙද විදුහල්පතිවරුන් පෙන්වා දෙන ලද අතර, අමාත්‍යවරයා ඒ පිළිබඳව ද ඉදිරියේ දී අවධානය යොමු කරන බව පැවසීය.
එමෙන්ම හෙද විදුහල්වල නිවාස පාලිකා වෘත්තියට අදාළ බඳවා ගැනීම් ලබන ජනවාරි මස සිදු කරන බවත්, සුළු සේවක කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන අතර, හෙද විදුහල්වල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු සිදු කරන බව ද අවධාරණය කරන ලදි.
හෙද විදුහල්වල සහ හෙද විදුහල්පතිවරුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීම පිළිබඳවත් පැවැති ප්‍රධානතම ගැටළු පිළිබඳව අවධානය යොමු කර කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳවත් හෙද විදුහල්පතිවරුන් මෙහිදී අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට සිය ස්තූතිය පිරිනමන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් චාමික ගමගේ ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්, හෙද විදුහල්පතිවරුන්ගේ සංසඳයේ සභාපති සෙනරත් ජයසේන මහතා ඇතුළු සංසඳයේ සාමාජිකයින් එක්ව සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

