හෙද උපාධිධාරීන් 515ක් රජයේ පත්වීම්
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන වැඩසටහන යටතේ හෙද අනුස්ථාපන සහ සමායෝජන පුහුණුව (Nursing Orientation and Coordination Training) සාර්ථකව නිම කරන ලද විද්‍යාවේදී හෙද (B.Sc. Nursing) උපාධිධාරීන් 515 දෙනෙකු සක්‍රීය සේවයට බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විට කටයුතු යොදා ඇත.
ඒ අනුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ 07 පදනම් ආයතන පරිශ්‍රයේ දී (29) දින පෙරවරු 10.00 ට පැවැත්වෙන නිල උත්සවයකදී මෙම පත්වීම්ලාභීන් වෙත III ශ්‍රේණියේ හෙද නිලධාරී පත්වීම් ප්රදානය කිරීමට නියමිතය.
එම පත්වීම්ලාභීන් මධ්‍යම රජය යටතේ පාලනය වන ප්‍රධාන රෝහල් සහ ශික්ෂණ රෝහල් වෙත අනුයුක්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
විද්‍යාවේදී හෙද උපාධිධාරීන් III ශ්‍රේණියේ තනතුරු සඳහා අවසන් වරට බඳවා ගැනීම් සිදුකර ඇත්තේ 2021 වර්ෂයේදී ය. ඒ අනුව වසර පහකට පසු මෙම බඳවා ගැනීම් සිදුවීම සුවිශේෂත්වයකි.
මෙරට සෞඛ්‍ය සේවාවේ වත්මන් දත්ත අනුව, මෙරට සමස්ත රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ හෙද නිලධාරීන් 43,553 ක ශ්‍රම බලකායක් සක්‍රීය සේවයේ නිරතව සිටී.
එමෙන්ම ක්ෂේත්රයේ පවතින මානව සම්පත් හිඟය අවම කිරීම උදෙසා පසුගිය වසර දෙකක කාලසීමාව තුළ පමණක් III ශ්‍රේණියේ හෙද කාර්ය මණ්ඩල 3,441 ක පිරිසක් බඳවාගෙන ඇත.
ඉදිරියේ දී මෙරට සෞඛ්‍ය සේවාවට එක්වීමේ අරමුණින් දැනටමත් දිවයින පුරා පිහිටි හෙද විදුහල් තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7,800 කට ආසන්න ප්‍රමාණයක් සිය වෘත්තීය පුහුණුව ලබමින් සිටී.
මීට අමතරව, ඉදිරි සායනික සේවා අවශ්‍යතා සලකා බලා ජාතික හෙද අභ්‍යාස විද්‍යාල පද්ධතිය වෙත තවත් නවක සිසුන් 3,000 ක පිරිසක් බඳවා ගැනීම සඳහා වන අනුමැතිය ද මේ වන විට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලබාගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

