හෙට (19) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍ර දේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව හෙට දිනයේදී බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළියදිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව ඒම දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව පළාතෙත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතෙත් මුලතිව්, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
