හෙට සිට දිවයින පුරා ඇති සියලුම ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කරන්නේ QR ඛේතය හරහා පමණක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
ඒ අනුව එම ඛේතයට පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස සියලුම ඉන්ධනහල් හිමියන්ගෙන් හා කළමණාකරුවන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පවසයි.
එසේම විස්තර සත්‍යාපනය කිරීම සඳහා වාහනයේ අංක තහඩුව සමඟ උපාංගයේ ඇති QR කේතයේ වාහන අංකය සමග පරීක්ෂා කරන ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් සහ කළමනාකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.