ඔක්තෝබර් මස පළමුවැනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලිය තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම අද දිනයේදී ඌව, නැහෙනහිර හා මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව හා මුලතිව් දිස්ික්කවලත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වි හැකි බවත් ඇතැම් ස්ථානවලට මි. මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.