විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (28දා) සිට 30 වැනිදා දක්වා දින තුන තුළ දිනකට පැය 3 යි විනාඩි 20 ක් බැගින් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
A සිට W දක්වා කලාප තුළ පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලයේ පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පස්වරුවේ පැය 1යි විනාඩි 20 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගීතා කොමිසම පවසයි.
කොළඹ නගරයේ වාණිජ කලාපවලට පෙරවරු 6.00 සිට 9.00 දක්වා පැය 3 ක් පමණක් විදුලිය කප්පාදු තරක බව ද මහජන උපයෝගීතා කොමිසම වැඩි දුරටත් කියයි.