රාජ්‍ය සේවක, අර්ධ රාජ්‍ය සේවක ඇතුළු වෘත්තීය සමිති හෙට දිනයේ පැවැත්වීමට නියමිත එක්දින වැඩ වර්ජනය සඳහා පොදු ප්‍රවාහන සේවා එක් නොවන බව ප්‍රවාශන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඒ අනුව එම වර්ජනය සඳහා ශ්‍රී ලංගම වෘත්තීය සමිතීන්, දුම්රිය වෘත්තීය සමිතින් එක් නොවන බවත් පෞද්ගලික බස් රථ සේවාද වැඩ වර්ජනයට එක් නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, දුම්රිය නියාමකයන්ගේ සංගමය, දුම්රිය රියදුරන්ගේ සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති 30කට අධික සංඛ්‍යාවක් මෙම වර්ජනයට එක්වෙන බවට ප්‍රකාශ කර තිබේ.